පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ මෝසම යළි ඉවත් කරගෙන ඇත.
රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් විසින් අද (26) පෙරවරුවේ අදාල මෝසම ඉදිරිපත් කර තිබුණි.
කෙසේවෙතත් යම්කිසි හේතුවක් මත එම මෝසම යලි ඉවත් කර ගැනිමට අදාල නීතිඥවරුන් පියවර ගෙන ඇත.
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු මාධ්‍ය හමුවටඅදාලව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා පෙරේදා පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.



