කැලණිය අවට ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Share

ජලය සැපයෙන ප්‍රධාන නල මාර්ගයක සිදුවූ කාන්දුවක් හේතුවෙන් පෑලියගොඩ, වත්තල සහ කැලණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපහවන මණ්ඩලය පවසයි.

 

අද (26) පෙරවරු 11.00 සිට පෑලියගොඩ, වත්තල මාබෝල නගර සභා බල ප්‍රදේශයට සහ කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

ජලනල මාර්ගය පිළිසකර කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර එම කටයුතු අවසන් වන තුරු ජල සැපයුම යථා තත්ත්වයට පත් කළ නොහැකි බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News