අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් පරික්ෂාවට ලක් කර ඇත.
එම නිලධාරින් අද (26) පස්වරු 04.00ට පමණ කොළඹ 07, ජාවත්ත පාර ප්රදේශයේ පිහිටි මන්ත්රීවරයාගේ නිවස වෙත පැමිණි බව වාර්තා වෙයි.
එහිදී මිනිත්තු 40ක පමණ කාලයක් ඔවුන් විසින් රාජිත සේනාරත්න මන්ත්රිවරයාගේ නිවස පරික්ෂාවට ලක් කර ඇත.



