සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් සහ සහයකයින් 3ක් අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වු ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් සහ ඔහුගේ සහයකයින් තිදෙනෙකු හොරණ, කිරිගලහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා ප්‍රමාණයක් සහ තියුණු ආයුධ තොගයක්ද පොලිස් විශේෂ කාර්ය බලකා බාරයට ගෙන ඇත.

අදාළ සැකකරුවන් මත්ද්‍රව්‍ය ජවාරම්, කොල්ලකෑම් සහ පහරදීම් ආදී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Read more

Local News