අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26) රාත්‍රි 8.00 ට පමණ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් වීය.
රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ රාත්‍රි 8.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් එම රෝහලට පැමිණියහ.
ඔවුන් අද අලුයම දක්වාම හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එහි රැඳී සිටි බව වාර්තා වේ.
සුදුවෑන් ප්රවෘත්ති සාකච්ඡාවට අදාළව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වරෙන්තුවක් නිකුත් කළේ පසුගිය 24 වැනිදායි.
ඒ, අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙරේදා දිනයේ ද කොළඹ හා බේරුවල පිහිටි සේනාරත්න මහතාගේ නිවාසවලට ගිය ද ඔහු එම නිවාසවල ඔහු නොසිටියේය.



