මගීන් 95 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකු සමඟ කසකස්ථානයේ අල්මාටි ගුවන් තොටුපලෙන් ගුවන් ගත වූ ගුවන් යානයක් අනතුරට ලක් වී ඇත.
අනතුරට ලක්ව ඇත්තේ අල්මාටි සිටි නූර් සුල්තාන් අගනුවර වෙත් පියාසර කළ බෙක් එයාර් සමාගමට අයත් ගුවන් යානයක් බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
යානය ගුවන්ගතකර සුළු මොහොතකින් නගරයේ ඉහළින් වූ කොන්ක්‍රීට් බාධකයක ගැටී දෙමහල් ගොඩනැඟිල්ලක් මතට කඩා වැටී ඇත.
අනතුරින් යානයේ ගමන් ගත් 9 දෙනෙකු මියගොස් ඇති බවට තහවුරු වී ඇති අතර ඉතිරි පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව මාධ්‍ය වාර්තා පවසයි.




