රුසියානු විදේශ ඇමති ජනවාරි මස මෙරටට සංචාරයක

Share

රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රෝව් මහතා ලබන ජනවාරි මස 14 වනදා මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.

 

එම සංචාරය තුළ දී රුසියානු විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි.

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සංචාරය තුළදී රුසියාව සහ ශ්‍රි ලංකාව අතර පවතින වර්තමාන සබඳතාවය මෙන්ම ආර්ථික, මානුෂීය හා වෙනත් ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති.

Read more

Local News