හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් සිද්ධි සම්බන්ධයෙන් අදහස් පල කළ, එම සුදු වෑන් රථ රියදුරන් ලෙස හැඳින්වූ පුද්ගලයින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ සැකකරුවන් අද (27) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.



