පුත්තලම කල්අඩිය ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් ඉන්දීය ජාතිකයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
සිය ලැගුම්හල ආසන්නයේදී ඔහු ප්‍රහාරයට ලක්ව ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පිහිටි ඉන්දියානු සමාගමකට අයත් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි පුද්ගලයෙක්.
අද (27) අලුයම සිය ලැගුම්හල ආසන්නනයට පැමිණි වන අලියෙකු විසින් ප්‍රහාරය එල්ලකර තිබුණි.
ඉන් බරපතල තුවාල ලැබූ ඉන්දීය ජාතිකයා පුත්තලම මූලික රෝහලට ඇතුගත් කර ඇතිි බව සඳහන්.



