රාජිත අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

Share

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (27) දහවල් අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටි බව අප වාර්තාකරු පවසයි.

 

මෝසමක් මත මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා රෝහලේ හෘද රෝග අංශයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දවල් 2.10ට අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු ඇප මත මුදා හැරියොත් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත්කර ලෙසද රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු පිළිබඳව පරීක්ෂාව සිදු කිරීම සඳහා ඔහු රැඳී සිටින ලංකා රෝහල වෙත පිටත්ව යාමට තීන්දු ක‌‌ළේය.

Read more

Local News