අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දෙසැම්බර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධානගාර ගත කර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල වෙත පැමිණි අතර ඉන් පසුව මෙම නියෝගය ලබාදුන් බව සඳහන්.
රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඒ පිළිබඳව දැනුම්දෙමින් කියා සිටියේ සැකකරු ඇප මත මුදාහැරියහොත් විමර්ශනවලට බාධා සිදුවන බැවින් ඔහු රක්ෂිත බන්ධානගාරගත කර ලෙසයි.



