ස්පියර් ගිනි අවි දෙකක් සමඟ යුක්රේන ජාතිකයෙක් අත්අඩංගුවට

Share

මසුන් මැරිම සඳහා තහනම් කර ඇති ස්පියර් ගිනි අවි දෙකක් සන්තකයේ තබා ගෙන සිටි යුක්රේන් ජාතිකයකු හා ඔහුගේ ශ්‍රී ලාංකික සංචාරක මඟ පෙන්වන්නා ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.

 

පසුව අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයකුට ලක්ෂ පහ බැගින් ලක්ෂ 10 ක ශරිර ඇප නියම කරමින් මුදා හැරිමට ගාල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා ඊයේ සවස නියෝග කළේය.

අදාල සැකකරුවන්ට 1996 ධිවර හා ජලජ සම්පත් පනතේ 29 වගන්තිය ප්‍රකාරව තහනම් කල ගිනි අවි භාවිතා කිරීම චෝදනා ලැබ තිබුණි.

යුක්රේන ජාතිකයාගේ ගමන් බලපත්‍රය නඩුව අවසන් වන තුරු අධිකරණ භාරයේ තැබිමටත් රටින් පිටවිම තහනම් කල වැඩ බලන මහෙස්ත්‍රාත් වරයා නැවත 2020 ජනවාරි 1 දින අධිකරණයේ පෙනි සිටින ලෙසට සැකකරුවන්ට නියෝග කර ඇත.

ඒ සමගම අත්අඩංගුවට ගැනුණ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ස්පියර් ගිනි අවි දෙක ධිවර අධ්‍යක්ෂ ජනාරාල් වෙත ලබා දිමේන් පසු විනාශ කිරීමටත් වැඩ බලන මහෙස්ත්‍රාත් වරයා නියෝග කළේය.

Read more

Local News