අමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ දී කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ සිටි එක් අයෙකු දිවි බේරාගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ ගුවන් යානය පොළවට කඩා වැටීමේ දී මෝටර් රථයක ද ගැටීඇති අතර එහිදි මෝටර් රථයේ රියදුරු සහ තවත් දෙදෙනෙකු ද තුවාල ලබා තිබේ.
ගුවන් යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.




