අනවශ්‍ය වියදම් සීමා කරමින්, අය-වැය පරතරය අපේක්ෂිත මට්ටමේම පවත්වාගෙන යාම සඳහා රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
2020 වසරේ ප්‍රධාන අභියෝගය වන්නේ ආයෝජනය වැඩි කිරීම තුළින් ආර්ථිකය නැවත වරක් යහපත් අතට ගැනීම බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.



