රාජිත සේනාරත්න තවමත් රෝහලේ

Share

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ යි.

 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ප්‍රකාරව ඉකුත් 27 වැනිදා කොළඹ ලංකා පෞද්ගලික රෝහලේදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැණුනි.

ඒ සුදුවෑන් මගින් පුද්ගලයන් පැහැරගැනීම් සිදුකළ බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම සම්බන්ධයෙන් සිදුකරක විමර්ශන වලට අදාලවයි.

අත්අඩංගුවට පත් මන්ත්‍රීවරයා හෙට (30) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහු මේවන විටත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News