Home ක්‍රීඩා පුවත් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් මනෝවෛද්‍ය පිල් ජොන්සි මහතා අද ශ්‍රී ලංකාවට

ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් මනෝවෛද්‍ය පිල් ජොන්සි මහතා අද ශ්‍රී ලංකාවට

0
ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් මනෝවෛද්‍ය පිල් ජොන්සි මහතා අද ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් මනෝවෛද්‍ය විශේෂඥවරයකු වන පිල් ජොන්සි මහතා අද (2) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා පිලේ නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ යෝජනාවක් අනුව මනෝවෛද්‍ය ජොන්සි මහතාගේ සේවය වරින් වර කණ්ඩායමට ලබාගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාව පළ කර තිබේ.

මීට පෙර වසර 4ක පමණ කාලයක් හතුරුසිංහ මහතා සමග කටයුතු කර ඇති මනෝවෛද්‍ය ජොන්සි මහතා ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට දින දහයක වැඩමුළුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

පුහුණුවිම් ආරම්භ කිරීමට පෙර මනෝවෛද්‍යවරයා විසින් සකස්කරනු ලැබූ ප්‍රශ්න 40කට පිළිතුරු සැපයීමට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට සිදුවනු ඇත.

අද ශ්‍රී ලංකාවට පැමිණෙන ජොන්සි මහතා හෙට (3) ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් සමග වැඩ ඇරැඹීමට නියමිතය. ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඇතැම් සංචාර සඳහා එක් කරගැනීමට තීරණය වි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here