කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ගුවන් හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
අද (31) අළුයම 4.00ට පමණ ත්‍රීරෝද රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වරකාපොල පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
අවමංගල්‍යය නිවසකට ගොස් පැමිණෙමින් තිබු ත්‍රිරෝද රථයක් මෙම අනතුරට ලක්ව ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුවන්නට ඇති බවයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වරකාපොල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.



