හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Share

2020 ජනවාරි මාසය තුළ දී සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව තුන 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප හෙට (01) දිනයේ සිට වැඩිවීමට නියමිතයි.

එම වැටුප් වැඩිවීමත් සමඟ 2015 වසරට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107කින් වැඩි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

2016 ජනවාරි මාසයේ පළමු වැනි දින සිට අවස්ථා හතරකදී මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප ඉහළ දමා ඇති අතර අදාළ චක්‍රලේඛයට අනුව ඉතිරි වැටුප් වර්ධනය හෙට දිනයේ සිට සිදුවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News