හෙරොයින් සමඟ සැකකරුවෙක් වව්නියාවේ දී මාට්ටු

Share

වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේදී රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් එකක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව වව්නියාව සෙට්ටිකුලම පොලීසිය පවසයි.

 

කොළඹ සිට මන්නාරම දක්වා ‍ගමන්ගත් බස් රථයක් පරීක්ෂා කිරීමේදී සැකකරු ඊයේ (30) හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරු ජාවාරම්කරුවෙකුගෙන් හෙරොයින් තොගය ලබාගෙන මන්නාරම ඇතුළු ප්‍රදේශයන්ගේ බෙදා හැරීමට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු හා හෙරොයින් තොගය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News