බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අද (31) අත්අඩංගුවට ගෙන ඇත.
කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය අසල පිහිටි චැපල්ටන් තේ වත්තේ තේ පදුරු ගලවා සැකකරුවන් මැණික් ගරමින් සිටින බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය විසින්
වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ගොඩ දමා තිබු මැණික් ඉල්ලම් සහිත පස් තොගයක් සහ මැණික් ගැරිමට උපයෝග කරගත් උපකරණද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 30 ත් අතර වයස් කාණ්ඩල පසුවන චැපල්ටන් තේ වත්තේ පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඔහුන්ට එරෙහිව හැටන් මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නෛතික
පියවර ගන්නා බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.



