මුලතිව් මුහුදේ අතුරුදහන් වු පුතාගේ සිරුර සොයා ගැනේ

Share

මුලතිව්, නයාරු සාගර තීරයේ දිය නෑමට ගිය අවස්ථාවේ පසුගිය දෙසැම්බර් 29 වැනිදා දහවල් දියේ ගිලීමෙන් අතුරුදහන්වු පුතාගේ මළ සිරුර අද (31) උදැසන වෙරළට ගොඩ ගසා තිබිය දී හමුවු බව මුලතිව් පොලීසිය පවසයි.

 

කැලණිය දළුගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් විනෝද චාරිකාවක් පැමිණි අවස්ථාවේ මුලතිව් නයාරු සාගර කලාපයේ දිය නෑමට ගිය අවස්ථාවේ පියා හා පුතා අතුරුදහන්වු බව පොලිසිය පැවසීය.

අතුරුදහන්වු වයස අවුරුදු 55 ක් වු වරුණ ගමගේ නමැති පියාගේ මළ සිරුර ඊයේ (30) හමුවු අතර, අතුරුදහන්වු වයස අවුරුදු 16 ක් වු ලකිදු ගමගේ නමැති පුතාගේ මළ සිරුර අද හමුවු බවද පොලීසිය පැවසීය.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ‍ වෙනුවෙන් මුලතිව් රෝහලට යොමුකළ බව පොලිසිය සඳහන් කළේය.

Read more

Local News