මාවනැල්ල – හෙම්මාතගම මාර්ගයේ ගමන් කරන මගී බස් රථයක් අද (31) උදෑසන කුඹල්ගම ප්‍රදේශයේ බැම්මක් පහතට පෙරළි ගොස් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බව හෙම්මාතගම පොලීසිය පවසයි.
මෙම පෞද්ගලික මගී බස් රථය මාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය දෙසට ධාවනය වන අවස්ථාවේ බස් රථ රියදුරාට වේගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් සිදු වු අනතුරක් බව හෙම්මාතගම පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුර වන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර අනතුරෙන් පසුව කාන්තාවන් 4 ක් සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක් රෝහල් ගත කර ඇති අතර වයස අවුරුදු 9 ක දරුවෙක්ගේ එක් අතකට හානි සිදු ඇති බව ද වාර්තා වේ.
රෝගීන් සියලු දෙනා මාවනැල්ල මහ රෝහල වෙත කඩිනමින් ප්‍රදේශවාසින්ගේ ද උදව් ඇතිව ඇතුලත් කර තිබුණි.
රියදුරා පවසා ඇත්තේ සුක්කානම සිර වී බසය පාලනයට නතු කර ගැනිමට නොහැකි විමෙන් බැම්මෙන් පහතට පෙරළී ගිය බවයි.
පොලීසිය මේ වන විට සිදු කර ඇති පරික්ෂණවලින් මෙය නෙසැලිකිලිමත් බවකින් සිදු වු අනතුරක් බව ද සඳහන්.



