මේ වසරේ පළමු පාසල් වාරය අදින් (02) ආරම්භ වෙයි.
සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද දිනයේ සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
කෙසේවෙතත් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ඇති පාසල් 47ක් පළමු පාසල් වාරය සඳහා විවෘත කිරිම ලබන 06 වන දින සිදු කිරිමට නියමිතයි.
මේ අතර නව පාසල් වාරය සඳහා අවශ්‍ය සියලු පෙළ පොත් පාසල් වෙත මේ වන විට බෙදා හැර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පාසල් නිල ඇඳුම් වව්චර්පත් ද සියලු පාසල් වෙත ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.



