උපරිම ජල ධාරිතාව ලැබීමත් සමඟ මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළ කෙළවරක දින කිහිපයක සිට ජල කාන්දුවක් සිදුව තිබේ.
මෙම ජල කාන්දුවෙන් ජලාශයට හෝ බැම්බට විශාල හානියක් නොවන බව මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ අධ්යක්ෂ පී.බී විජේරත්න මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ චීන ජාතික ඉංජිනේරුවන් විසින් එම ජල කාන්දුව නවතාලිම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.
මොරගහකන්ද හා කළුගඟ ජලාශ භාර ව්‍යාපෘති අධ්යක්ෂ පී.බී විජේරත්න මහතා කියා සිටියේ ජල කාන්දුව පවතින නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් සැකක් ඇති කර ගත යුතු නොවන බවයි.
ජලාශ බැම්මේ මීටරයක් යට සිට උඩ මට්ටමට එන විට යටි පැත්තෙන් මෙම කාන්දුව සිදුවන බවත් පැවසු ඒ මහතා, අවසාන මීටරය පිරෙන අතර තුර මෙම ජල කාන්දුව සුළු වශයෙන් සිදුවන බවත් කියා සිටියේය.
චීන සමාගමේ අය සෑම අවස්ථාවක දීම මෙහි යම් දෙයක් ඇත්නම් ඒ ගැන නිරීක්ෂණය කර අදාළ කාල සීමාව තුළ සියලු වගකීම් දරන බවත් අනතුරුව සම්පූර්ණ ගෙවීම කරන බවත් ඉන් අනතුරුව ජලාශයේ බැම්ම ලංකාවට බාර දෙන බවත් කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ අධ්යක්ෂවරයා පැවසීය.
බැම්මේ ඇතුල් පැත්තේ ජල මට්ට්ම අඩු වු වහාම එය නැවත සකස් කිරීමට අවශ්‍ය කටයුතු චීන සමාගම විසින් මේ වන විටත් සැලසුම් කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



