ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර නව වසරේ උදාවත් සමඟම ජලයෙන් යටවී තිබෙන බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
රාත්‍රිය පුරා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
නගරයේ ඇතැම් ප්‍රදේශවල මීටර් දෙකක් පමණ උසට ජලය පිරී ඇති බව එරට බලධාරීන් සඳහන් කළේය.
ආපදාවෙන් වැඩි බලපෑම් එල්ලවී තිබෙන්නේ ජකර්තාහි නැගෙනහිර හා දකුණුදිග ප්‍රදේශවලටයි.
ගංවතුරින් පුද්ගලයන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටින අතර දහනව දහසක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යැවීමට කටයුතු කර තිබුණි.
විපතටපත් පුද්ගලයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ සහන සේවා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.




