නාරම්මල රිය අනතුරින් අයෙක් මරුට

Share

නාරම්මල ගිරිඋල්ල මාර්ගයේ දම්පැලැස්ස ප්‍රදේශයේ දී ඊයේ (01) සවස සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

 

ගිරිඋල්ල දෙසට ධාවනය වු යතුරු පැදියක් හා පා පැදියක් එකිනෙක ගැටී ඇති අතර අනතුරින් පා පැදිකරු, යතුරුපැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා තිබේ.

පසුව තුවාලකරුවන් නාරම්මල රෝහලට ඇතුළත් කිරීමේ දී පසු පා පැදිකරු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News