ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි විදෙස් නිල සංචාරය ලෙස චීනය බලා මේ මාසයේදී පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි.
පසුගිය මාසයේ ශ්රී ලංකාවට පැමිණි විශේෂ චීන තානාපතිවරයකු හරහා චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව රාජපක්ෂ මහතා මෙසේ චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
මෙම සංචාරයේදී නායකයන් දෙදෙනා ආයෝජන, සංචාරක සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම යන කරුණු කිහිපයක් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.



