වන අලි පහරින් පුද්ගලයෙකු මරුට

Share

වීරවැව, දිවුල්ගස්වැව පදිංචි පුද්ගලයෙකු ඊයේ (01) අළුයම වන අලි පහරදීමකින් මිය ගොස් තිබේ.

 

මිය ගොස් ඇත්තේ සාලියවැව පොලිස් වසමේ වීරවැව, දිවුල්ගස්වැව පදිංචිව සිටි රංවල ආරච්චිගේ අනුර නිශ්ශංක නැමැති වයස අවුරුදු 38ක් වු අයෙකි.

ඔහු තම වගා කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති අතර ආපසු නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බලන විට වන අලියෙකු පහර දී බරපතළ තුවාල සහිතව සිටියදී හමුවී ඇත.

පසුව අදාළ පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇති බව සඳහන්.

Read more

Local News