ලැව් ගිනි හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට සතියක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ලැව් ගිනි මැඩපැවැත්විමේ කටයුතු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාන්ත බලධාරින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකම ලැව් ගිනි හටගෙන ඇති අතර මේ හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු අතුරුදන්ව ඇත.
ලැව් ගිනිවලින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයටයි.




