ජනාධිපතිවරයා සතු බලතල අනුව පසුගිය දෙසැම්බර් මස 02 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය වාර අවසාන කරනු ලැබීය.
ඒ අනුව අද දිනයේ අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ වීමට නියමිතයි.
පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භ කිරීමේදී සාම්ප්රදායිකව සිදුකෙරනෙ අශ්වාරෝහකයින් පෙරටුකරගත් විශේෂ රථ පෙරහර සහ ත්රිවිධ හමුදා උත්තමාචාරය ඇතුළු ආචාර වෙඩිමුර 21 පැවැත්වීම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අත්හිටුවා තිබීමද විශේෂත්වයක්.



