අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) 08 වන පාර්ලිමේන්තුවේ සිව් වන සභාවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

 

මෙම අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතව ඇති බව සඳහන්.

මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.

එමෙන්ම අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට අදාළ පත්කිරීම් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Read more

Local News