නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම නිසා මොරගහකන්ද ජලාශය අවධානම් තත්ත්වයකට

Share

සක්‍යතා අධ්‍යනයන් නොසලකා හරිමින්, නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම හේතුවෙන් මොරගහකන්ද ජලාශය අවධානම් තත්ත්වයකට පත්ව ඇති බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

 

ඊයේ (02) පවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය.

නාමල් කරුණාරත්න මහතා මෙහිදී කියා සිටියේ මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් පිළිබඳව අතීතයේ සිටම විවිධ ප්‍රශ්න සහ ගැටළු සහගත ස්ථාන පැවති බවය.

මේ වනවිට විශාල ජල කඳක් ජලාශයේ පවතින බවත් මෙම ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් පස්ගුණයක් පිරී තිබෙන බවද සඳහන් කළේය.

ජල කාන්දුව සිරස් අතට පැවතීම ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයක් බවද ඇතැම් විට මෙම පැල්ම මහ පොළොවේ සිට පවතිනවා දැයි සැකයක් පවතින බව නාමල් කරුණාරත්න මහතා කියා සිටියේය.

මොරගහකන්ද ජලාශය ඉදිකිරීම් කටයුතු ආරම්භයේම භූ විද්‍යාඥයින් සහ විශේෂඥ දැනුම ඇති අය මෙම මහපොළොවේ හුණුගල්ස්තරයක් තිබෙන බවට ප්‍රකාශ කර තිබුණු බවද මෙම ඉදිකිරීම් කඩිනම් කර ගැනීමට අවශ්‍යතාවය වූයේ යම් යම් අයගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත ද කියා සිටියේය.

මෙම සිද්ධිය සුළුකොට නොතකා වහාම කෙටි හා දීර්ඝ කාලීන සැලසුම් යෙදවීම ආණ්ඩුවේ වගකීමක් යැයි ද නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා හදිස්සියෙන් මෙම ජලාශය වැඩ නිම කරවා ඔහු විශ්‍රාම යෑමට පෙර විවෘත කිරීමේ හදිස්සියක් පැවති බවද සදහන් කළේය.

එහි ප්‍රතිඵල මෙයාකාරයෙන් භුක්ති විඳීමට සිදු වෙන නිසා ඔවුන් මේ වගකීම භාරගත යුතු බවද කියා සිටියේය.

Read more

Local News