ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව තාවකාලිකව කල්තැබූ පාර්ලිමේන්තුව යළි රැස්ව තිබේ.
මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන තනතුරුවලට අදාළ පත්කිරීම් අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.



