මුන්දලම – උඩප්පුව ප්‍රදේශයේ සිදු කරන වැලි කැණීම් සහ ප්‍රවාහනය හේතුවෙන් ප්‍රදේශය තුළ සිදු වන පාරිසරික විනාශයට සහ මාර්ගවලට සිදුවන හානියට එරෙහිව සංවිධානය කරන ලද විරෝධතාවයක් අද (03) පැවැත්වුණි.
උඩප්පුව නගරයට එක් රැස්වූ ජනතාව පා ගමනින් වැලි කැනීම් කරන ස්ථානය දක්වා ගොස් විරෝධතාවයේ නිරත වු බව වාර්තා වේ.
වැලි කැණීම හේතුවෙන් ප්‍රදේශයේ භූගත ජල මට්ටම පහල බසින බවත්, අධික බර පැටවූ වාහන ගමන් කිරීමෙන් පූනපිටියේ සිට බත්තුළු ඔය දක්වා වන මාර්ගයට සහ මෑතකදී ඉදිකරන ලද උඩප්පුව මෝය කටේ ඉදිකරන ලද පාලමටද අනතුරක් සිදුවිය හැකි බව විරෝධතාකරුවන් කියා සිටියේය.
විරෝධතාවයට එක්ව සිටි ආරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ සභාපති එන්.චෙත්තනාමුර්ති මහතා කියා සිටියේ මෙම වැලි කැණීමට හෝ ප්‍රවාහනයට තමන්ගෙන් අවසරයක් ලබා ගෙන නොමැති බවය.



