පසුගිය ආණ්ඩුවේ සිදුවූ වංචා දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.
අනුරාධපුරයේ ඊයේ (04) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.
“ජනවරම ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න, නීතිය අකුරට ඉටු කරන්න. කොළේ වහලා ආණ්ඩුව කරන මේ කෙරුම් ටික ජනතාව දැනගන්න ඕනේ.
මහබැංකු හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දෙන්න. මුදල් ගත්ත වාර්තා ටික එළියට දාන්න. වහාම දූෂිතයන්ට දඬුවම් දෙන්නත් ආණ්ඩුව කටයුතු කළ යුතුයි.” එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.



