ගොවිඳුපුර අඹගහපිටිය ප්රදේශයේ දී ගෝන මස් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සියඹලාණ්ඩුව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදි ඔහු සතුව තිබී ගෝන මස් කිලෝග්රෑම් 8යි ග්රෑම් 100ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගොවිඳුපුර පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.



