ට්‍රිපෝලි අගනුවර හමුදා පාසලකට එල්ල වු ප්‍රහාරයකින් 28ක් මරුට

Share

ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර හමුදා පාසලකට එල්ල වු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 

අදාළ ප්‍රහාරය කුමන කණ්ඩායමක් විසින් සිදුකළේ ද යන්න පිළිබද අනාවරණය වී නොමැති නමුත් ජෙනරාල් කලීෆා හෆ්ටාර්ට පක්ෂපාතී කැරළි කණ්ඩායම් එය සිදුකරන්නට ඇති බව එරට ආරක්ෂක අංශ සැක පල කරයි.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more

Local News