මීගමුව හා ඒ අවට ප්‍රදේශ කීපයක අද (06) දින පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව අද උදෑසන 9.00 සිට හෙට (07) දින උදෑසන 9.00 දක්වා පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි.
මීගමුව බම්බුකුලිය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීම සඳහා කටාන ව්‍යාපෘතිය මඟින් විදුලි උත්පාදකයක් සවි කිරීම හේතුවෙන් මෙය සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
මෙම ජල කප්පාදුව මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය, කොච්චිකඩේ, දූව, පිටිපන, දුන්ගාල්පිටිය, බාසියාවත්ත, පමුණුගම ප්‍රදේශය, කටාන බල ප්‍රදේශයේ කොටසක්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක ගුවන් හමුදා කඳවුර හා කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රය සිදු කෙරෙනු ඇත.



