ගෝලීය ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් පසුගියදා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදී.
සමාජ පිළිලයක් වූ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලබාදෙන දූරදර්ශී සහ ස්ථීරසාර නායකත්වය ද, වසර 2020 වන විට ශී‍්‍ර ලංකාව තුළ දුම්කොළ භාවිතය තුරන් කිරීම සඳහා ගන්නා ලද තීරණය සහ ඒ වෙනුවෙන් සිදුකරන කැපවීම ද, ශ‍්‍රී ලාංකීය ජන සමාජය තුළ මත්ද්‍රව්‍යවලින් තොරවීමේ ඇති වටිනාකම තහවුරු කරමින් වියැකෙමින් පවතින බොදු සාරධර්ම සහ ආධ්‍යාත්මික ගුණවගාවන් ප‍්‍රතිස්ථාපනය කිරීම උදෙසා සිදුකරන අමිල මෙහෙවර ද මෙහිදී වැඩිදුරටත් ඇගයීමට ලක් කර තිබුණි.
මේ අතර මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් සිය ශ‍්‍රමය සහ ධනය කැප කරමින් දශක තුනකට අධික කාලයක් පුරා සිදුකරන ලද මෙහෙවර අගයමින් “මිතුරු මිතුරෝ සංසදයේ” නිර්මාතෘ පූජ්‍ය කුප්පියවත්තේ බෝධානන්ද ස්වාමින් වහන්සේ වෙත මෙම ජාත්‍යන්තර සම්මේලනයේදී පිරිනැමුණු සම්මානය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.