වඳුරඹ කටුපොල් වගාවක ගින්නක්

Share

වඳුරඹ පොලිස් වසමේ ලේල්වල වත්ත ප්‍රදේශයේ කටුපොල් වගාවක ඊයේ (05) සවස හදිසි ගින්නක් හට ගෙන තිබේ.

 

වඳුරඹ පොලීසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරීන් වැවිලි සමාගමට අයත් සේවකයින් ද එක්ව ගින්න පාලනය කර තිබේ.

ගින්න හේතුවෙන් අක්කර ‌දෙකක පමණ භූමියක් විනාශ වී ඇතැයි ද පොලීසිය පවසයි.

Read more

Local News