මහරගම හා තවත් ප්‍රදේශ කීපයකට හෙට (07) උදෑසන 9.00 සිට පසුදින උදෑසන 9.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රැක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇත.
කළටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරයි.



