අද පාසල් 47ක පළමු පාසල් වාරය ආරම්භ ‌වෙයි

Share

මෙවර අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සඳහා යොදා ගැනුණු පාසල්වල පළමු පාසල් වාරය අද (06) ආරම්භ වෙයි.

 

මෙවර පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු පසුගිය මස 26 වනදා ආරම්භ කෙරුණු අතර එය පෙරේදා දිනයෙන් අවසන් කෙරුණි.

ඒ සඳහා දිවයින පුරා පාසල් 84ක් යොදා ග‌ෙ‌න තිබු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් එම පාසල් අතරින් පාසල් 37ක පළමු වාරයේ අධ්‍යයන කටයුතු පසුගිය 02 වනදා ආරම්භ කෙරුණි.

ඒ අනුව සෙසු පාසල් 47 පළමු වාරය සඳහා අද ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

Read more

Local News