හික්කඩුවේ දී ඊයේ (05) රාත්රියේ වීසා බලපත්ර නොමැතිව මෙරට රැඳී සිටි ස්විස්ටර්ලන්ත ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
හික්කඩුව පොලිස් වසමේ මිල්ලගොඩ වත්ත ප්රදේශයේ දී හික්කඩුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි මොවුන් දෙදෙනා සැකකරුවෙකු හා සැකකාරියෙක් වෙයි.
සැකකරු හා සැකකාරිය අද (06) ගාල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



