වැල්ලවාය පොලිසිය විසින් ඊයේ (05) පස්වරුවේ දී වැල්ලවාය පොලිස් වසමට අයත් කෙන් හත පරළු වැව ප්රදේශයේ සිදු කල හදිසි වැටලීමකදී වියලි ගංජා කිලෝග්රෑම් දහයයි ග්රෑම් එකසිය හැටක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලවාය පොලිස් ස්ථානීය බුද්ධි තොරතුරක් අනුව මෙම මෙහෙයුම සිදු කර ඇති අතර එහිදී අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සන්තකයේ තිබී වියලි ගංජා කිලෝග්රෑම් අටයි ග්රෑම් අටසිය තිහක් සහ අනෙක් සැකකරු සන්තකයේ තිබී වියලී ගංජා කිලෝග්රෑම් එකයි ග්රෑම් තුන්සිය තිහක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අංක 42 කොමලිගම තණමල්විල ලිපිනයේ පදිංචි වයස අවුරුදු හතලිස් දෙකක පුද්ගලයකු වන අතර අනෙක් සැකකරු යාය පාර තණමල්විල ලිපිනයේ පදිංචි වයස අවුරුදු තිහක් වන පුද්ගලයෙක්.
සැකකරුවන් අද (06) වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.




