උඩවලව ජාතික වනෝද්‍යානයේ දී දිවියෙක් අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මොණරාගල හා ඇඹිලිපිටිය කොට්ඨාසවල නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විමර්ශන වලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම ඝාතනය සිදුකළ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (05) කුමාරපුර, සෙවනගල ප්‍රදේශයේදී ඇඹිලිපිටිය කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන සෙවනගල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අද (06) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
සේවනගල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



