නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මෙම මස අවසානයේ දී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ සඳහා පාර්ශවයන් කිහිපයක් ඉල්ලුම් කර ඇති බව එම කොමිසම සඳහන් කළේය.
මේ වනවිට දේශපාලන පක්ෂ 70ක් මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සිටියි.
මේ අතර දේශපාලන පක්ෂ කිහිපයක් විසින් සිය ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා විය.



