වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳි සිටි විදෙස් ජාතිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේදී ස්විට්සර්ලන්ත ජාතිකයෙකු සහ කාන්තාවක් ඊයේ (05) රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
මේ අතර විසා නොමැතිව රැඳී සිටි කටාර්, තායිලන්ත සහ නයිජීරියානු ජාතිකයින් තිදෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් අද (06) ගල්කිස්ස සහ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



