අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය ට්වීටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් පලස්තීනයට ලබාදෙන අාධාර අත්හිටු වන බවට ප්රකාශ කර තිබේ. ඒ පලස්තීනයට අමෙරිකාව සමඟ සාම සාකච්ඡා වලට නොපැමිණීම හේතුවෙනි.
එම ට්වීටර් පණිවුඩය හරහා ඔහු මෙම අාධාර අත්හිටු වීමට හේතුව ලෙස පෙන්වා දී අැත්තේ අමෙරිකාවෙන් අාධාර ලබා ගැනීම පිළිබඳව කිසිඳු රටක් ස්තූතී කිරීමක් හෝ ගරු කිරීමක් නොකළ බවයි.
මේ වන විට ජෙරුසලම ඊශ්රායලයේ අගනුවර ලෙස නම් කිරීමට ගත් ක්රියාමාර්ගයත් සමඟ පැනනැඟුණු අාන්දෝලාත්මක තත්වය හේතුවෙන් නැවත වරක් සාම සාකච්ඡා පැවැත්වීම අනිවාර්ය වී තිබෙන නමුත් පලස්තීනය සඳහන් කර අැත්තේ සාම සාකච්ඡා පැවැත්වීමට අැමෙරිකාවට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ නොහැකි බවයි.
ඊයේ දිනයේදී ද අැමෙරිකානු ජනාධිපතිවරයා පකිස්ථානයට එරෙහිව ප්රකාශයක් සිය ට්වීටර් ගිණුම හරහා නිකුත් කෙරුණි.
පසුගියදා ජෙරුසලම ඊශ්රායලයේ අගනුවර ලෙස නම් කිරීමට එරෙහිව රටවල 128ක් සිය විරෝධය පළ කළ අතර එය නොසලකා හැරීමක් ලෙසටයි අමෙරිකාව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර අැත. එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා එම රටවල් වලට ලබා දෙන අාධාර අත්හිටු වන බවත් ප්රකාශ කර අැත.
ඒ අනුව මෙ වන විට අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ක්රියාකලාපය තුළින් පැහැදිලි වන්නේ ඔහුට එරෙහිවන රටවලට දැඩි බලපෑමක් අැති වන අයුරින් කටයුතු කිරිමට සුදානමින් සිටින බවයි.