අමෙරිකා‌ෙවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 5ක් මරුට – 60කට තුවාල

Share

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින් පස් දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

 

වාහන කිහිපයක් එකිනෙක ගැටී ‌මෙම අනතුර සිදුව ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

සංචාරකයින් රැගත් බස් රථයක් විශාල ප්‍රමාණයේ ලොරි රථ තුනක් සහ මගී වාහනයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර අනතුරින් පසුව අධිවේගී මාර්ගයේ කොටසක් වසා දැමීමට සිදු වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News