විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා ලබන 09 වන දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
ලබන 10 වන දින දක්වා ඉන්දියාවේ රැඳි සිටින විදේශ අමාත්‍යවරයා එරට ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමද නියමිතව තිබේ.
විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍ය ධුරය ලබා ගැනීමෙන් අනතුරුව සිදුකරන පළමු විදෙස් සංචාරය මෙය වීමද විශේෂත්වයකි.



